Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත්ගෙන් ආණ්ඩුවට දරුණු විවේචනයක්

11 months ago

වත්මන් රජය සිය මැතිවරණ පොරොන්දු කඩ කරමින් විදුලි බිල 11.57% කින් ඉහළ නැංවීමට සැළසුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

මැතිවරණ සමයේදී විදුලි බිල 33% කින් අඩු කරන බවට ලබා දුන් පොරොන්දුව අමතක කර රජය ජනතාව පාවා දී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක මෙවැනි බරක් පැටවීම අසාධාරණ බව විපක්ෂ නායකවරයා පවසනවා.

IMF ගිවිසුම ජනතාවට හිතකර ලෙස වෙනස් කරන බව පැවසුවද, රජය එම කොන්දේසි ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් සිටින බවටද ඔහු චෝදනා කරනවා.

මෙවැනි තත්ත්වයන් තුළින් විදුලි පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, රජය වහාම මෙම තීරණය හකුලා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රජය බලයට පත් කළේ සහන බලාපොරොත්තුවෙන් වුවද අද ඔවුන් අසරණ වී ඇති බවත් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළා.