වෙනිසියුලාවේ පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීමට කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ මහතා කොලොම්බියානු ආරක්ෂක අංශ යෙදවීමට නියෝග කර ඇත.
විශේෂ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
සරණාගතයින්ගේ සංක්‍රමණයට සූදානම් වීම සහ මානුෂීය ආධාර සැපයීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
