Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිහිසුණු රිය අනතුරක්! විදෙස් ජාතිකයෙකු මරුට!

11 months ago

වැලිගම වෙරළබඩ මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි ස්ලෝවැකියානු ජාතිකයකු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ ජීප් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙම අනතුරින් විදේශීය ජාතිකයා බරපතළ තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.