Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

11 months ago

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) වැනිදා හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර තිබෙන බවයි සඳහන්.

මෙම හමුව එරට වේලාවෙන් හෙට පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රටවල් 15ක තානාපතිවරුන් සම්බන්ධ වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සහ වෙනිසියුලානු විදේශ අමාත්‍ය ඉවාන් ගිල් විසින් ඊයේ (03) වැනිදා හදිසි රැස්වීමක් ඉල්ලා සිටි බැවින් මෙය සිදුවන බවද වාර්තා වනවා.