රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා, තම කීර්ති නාමයට අපහාසාත්මක ප්‍රචාර හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් බිලියන 03ක වන්දියක් ඉල්ලා තිබේ.
ඔහු මෙලෙස වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමු කර ඇත්තේ හිරු හා දෙරණ මාධ්‍ය නාලිකා දෙකට එරෙහිවයි.
මෙම නාලිකා ඔස්සේ පවත්වන ලද ප්‍රචාරණයන් හේතුවෙන් තමන්ගේ සමාජීය හා දේශපාලන කීර්තියට දැඩි හානියක් සිදු වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.
