Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොලොම්බියාවට සහ මෙක්සිකෝවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

11 months ago

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පැමිණීම අවම නොකළහොත් කොලොම්බියාව සහ මෙක්සිකෝව හමුදා ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කොලොම්බියාවේ තත්ත්වය විමසා සිටියදී, ඔහු කොලොම්බියානු ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළා. එහිදී, කොකේන් නිෂ්පාදනය කර එක්සත් ජනපදයට විකුණන රෝගී මිනිසෙක් කොලොම්බියාව පාලනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඔහුට එම තත්ත්වය වැඩි කාලයක් ඉවසීමට නොහැකි බවයි.

මෙම අවස්ථාවේදී, මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් පිළිබඳවද අදහස් දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, මෙක්සිකෝව පාලනය කරගැනීමට ජනාධිපතිනියට නොහැකි අතර, එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආධිපත්‍ය දරන බවයි.