Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද 

11 months ago

2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (31) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

මේ අනුව පාර්ලිමේන්තුව ජනවාරි අද සිට (06) සිට 9 දක්වා රැස්වීමට නියමිතයි.

අද (06 ) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ අංක 2371/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ අංක 2428/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

ඉන්පසු ‍ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ 2025.12.28 දිනැති අංක 2468/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වුවද මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමට වෙන්කළ කාලය ප්‍රමාණවත් නොවන බවට විපක්ෂ මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

තවද මෙදින ප.ව 5.30ට න්‍යාය පුස්තක අංක 3හි දින නියමයක් නොමැතිව සඳහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයාබලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.