Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

11 months ago

ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.

අප වාර්තාකරු පවසා සිටියේ,  ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල – වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවය.

ගාල්ල ප්‍රදේශයට තවමත් වාර්ෂාව ලැබෙමින් පවතින බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.