පෙර අමාත්‍යවරුන් විසින් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම, රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍රයන් ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය තාන්ත්‍රික නිවාසයන්, රජයේ හා රජයට අනුබද්ධිත ආයතන මෙන්ම High-end Restaurant / Boutique Hotel සහ වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සඳහා එකී බංගලා නිවාස උපයෝජනය කිරීමට අදාළ කමිටුව මඟින් නිර්දේශ කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
මූලිකව හඳුනාගනු ලැබ ඇති බංගලා නිවාස 24 ක්, එම බංගලා නිවාස පිහිටා ඇති ස්ථාන අනුව සමාජීය වශයෙන් ගැටලුවක් නොවන ආකාරයට, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය (PPP) යටතේ ඵලදායී උපයෝජනයන් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 30 ක කාලයක් සඳහා බදු පදනමින් ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
