Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානය ගිනි ගනී! උත්තරීතර නායකයාට එරෙහිව ජනතාව වීදි බසී! මරණ 45 ඉක්මවයි!

11 months ago

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා ආරම්භ වූ විරෝධතා මේ වන විට අතිශය ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබේ. දින 12ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම විරෝධතා ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාර්‍ග වාර්තා කරයි.

වසර ගණනාවකට පසුව ඉරාන ජනතාව සිය උත්තරීතර නායකයාට එරෙහිව මෙලෙස ප්‍රසිද්ධියේ නැගී සිටින පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කර සිටින පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට පත් කරන ලෙසයි.

ඊයේ (08) සවස අගනුවර වන ටෙහෙරාන් සහ දෙවන විශාලතම නගරය වන මෂාඩ්හි පැවැති දැවැන්ත විරෝධතා විසුරුවා හැරීමට ආරක්ෂක අංශ දැඩි බලප්‍රයෝගයන් භාවිතා කර තිබේ. විරෝධතාකරුවන් අතර සන්නිවේදනය අඩපණ කිරීම සඳහා පාලකයින් විසින් රට පුරා අන්තර්ජාල පහසුකම් විසන්ධි කිරීමට ද පියවර ගෙන ඇත.

පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබඳව විවිධ වාර්තා පළ වේ.

  • HRANA (ඇමෙරිකා) වාර්තාව: අවම වශයෙන් විරෝධතාකරුවන් 34ක් මියගොස් ඇති අතර, ඉන් 5 දෙනෙකු දරුවන් වේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස 2,270කි.
  • IHR (නෝර්වේ) වාර්තාව: ආරක්ෂක හමුදා ප්‍රහාරවලින් දරුවන් 8 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

ඉරාන මුදල් ඒකකය සීඝ්‍රයෙන් බිඳවැටීම සහ පවතින දැඩි ආර්ථික පීඩනය මෙම මහජන නැගිටීමට ප්‍රධානතම හේතුව වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.