Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන උත්තරීතර නායකයා නිහඬතාව බිඳියි! ට්‍රම්ප්ගෙන් ඉරානයට රතු නිවේදනයක්!

11 months ago

ඉරානය පුරා දින ගණනාවක් පුරා ඇවිළෙන දැවැන්ත විරෝධතා හමුවේ, එරට උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

දැනට පවතින ප්‍රචණ්ඩකාරී තත්ත්වය සහ පාලනයට එල්ල වන දැඩි බලපෑම් සම්බන්ධයෙන් ඔහු සිය ස්ථාවරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම විශේෂ ප්‍රකාශය සිදු කරන නිශ්චිත වේලාවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වීම විශේෂත්වයකි.

මේ අතර, ඉරානයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම දැවැන්ත මහජන විරෝධතා හමුවේ ඉරාන රජය බිඳ වැටීමට ආසන්න වී ඇති බවයි.

සිය ‘ටෘත්’ (Truth Social) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු ඉරාන පාලනයට දැඩි අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.

“ඉරාන රජය විසින් සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට හෝ ඝාතනය කිරීමට උත්සාහ කළහොත්, අමෙරිකාව නිහඬව නොසිටින අතර ඊට සෘජුව මැදිහත් වීමට කටයුතු කරනවා.” යනුවෙන් ට්‍රම්ප් එහි සඳහන් කර තිබේ.

ඉරාන මුදල් ඒකකය බිඳ වැටීම සහ දේශපාලන නිදහස ඉල්ලා ඇරඹුණු මෙම අරගලය දැන් ගෝලීය දේශපාලන කරළියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. අමෙරිකාවේ මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳව ද යම් නොසන්සුන්තාවයක් මතු වී තිබේ.