මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සුහද හමුවක් අද (13) පෙරවරුවේ පැවැත්විණි.
හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදුවූ බව වාර්තා වේ.
මෙරට අමෙරිකානු තානාපතිනිය ලෙස සිය රාජ්යතාන්ත්රික සේවය නිම කරමින් ජූලි චන්ග් මහත්මිය ලබන 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. මෙම හමුව ඇයගේ සමුගැනීමේ හමුවක් (Farewell Call) ලෙස ද දේශපාලන ක්ෂේත්රයේ අවධානයට ලක්ව තිබේ.
ජූලි චන්ග් මහත්මිය සිය ධුර කාලය තුළ අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර රාජ්යතාන්ත්රික සබඳතා වර්ධනය කරමින් සිදු කළ සේවය මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
ශ්රී ලංකාව මුහුණ දුන් විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී ඇය දැක්වූ සහයෝගය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ඇයට විශේෂ ස්තුතියක් පිරිනමා ඇති අතර, ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් ද එක් කළේය.
