Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

10 months ago

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණ නියෝජිතයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.

අද (16) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම නව පත්වීම් ලබා දීම සිදු විය.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙලෙස නවක සාමාජිකයන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තේ පහත තරුණ දේශපාලන නියෝජිතයන් පිරිසකි:

  • චරිත් අබේසිංහ
  • වරැණ රාජපක්ෂ
  • මහේෂ් සේනානායක
  • වෛද්‍ය චමල් සංජීව
  • සංජීව ධම්මික

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

පක්ෂයේ ඉදිරි දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය සක්‍රීයව ලබා ගැනීම මෙම පත්වීම්වල ප්‍රධාන අරමුණ වී තිබේ.