දකුණු ස්පාඤ්ඤයේ කොර්ඩෝබා (Cordoba) ප්‍රදේශයේදී සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මලගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රියක් හදිසියේ පීලි පැනීමකට ලක්ව ඇති අතර, එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් දුම්රියක මුහුණට මුහුණ ගැටී ඇත. දරුණු ගැටීමත් සමඟ දෙවන දුම්රිය ද පීලි පැන බැම්මකින් පහළට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.
මැඩ්රිඩ් නුවර අටෝචා (Atocha) දුම්රිය ස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ (Oscar Puente) ප්‍රකාශ කළේ, මෙම අනතුර සිදුවූ ආකාරය ඉතා “අසාමාන්‍ය” එකක් බවයි.
- මියගිය සංඛ්‍යාව: 21
- තුවාල ලැබූ සංඛ්‍යාව: 100කට ආසන්නයි
- බරපතල තත්ත්වයේ පසුවන්නන්: 25ක්
අනතුර සිදුවූ ස්ථානයට වහාම ළඟා වූ සහන සේවා කණ්ඩායම් සහ හමුදාව එක්ව දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීම සඳහා විශේෂ උපකරණ භාවිත කරන අතර, තුවාල ලැබූවන් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.