Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

10 months ago

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ අද(19) දින ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

වාර්තා වන්නේ, කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් වු භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ,එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්.

කෙසේවෙතත් ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ,අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.