ග්‍රීන්ලන්තයේ පාලනය අත්පත් කර ගැනීමට තමා ඉදිරිපත් කළ යෝජනාවට එරෙහි වන යුරෝපීය රටවලට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
ග්‍රීන්ලන්තය අමෙරිකාවේ පාලනයට නතු කර ගැනීමට එරෙහි වන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 100% ක තීරුබදු පැනවීමේ තර්ජනය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා සපථ කර තිබේ.
අමෙරිකාවේ මෙම ආක්‍රමණශීලී උත්සාහයට එරෙහිව බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපීය රටවල් 7ක් මේ වන විටත් සිය විරෝධය පළ කර ඇත.
ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන කලාපයකි. එහි ඇති සුවිශාල ඛනිජ සම්පත් සහ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් අමෙරිකාව දීර්ඝ කාලයක සිට ග්‍රීන්ලන්තය කෙරෙහි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම නවතම තීරුබදු තර්ජනයත් සමඟ අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ යුද්ධයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබේ.
