මාස ගණනක් තිස්සේ විගණකාධිපති පත් නොකර නීතිපතිවරයාට අනිසි බලපෑම් එල්ල කරමින් ප්රජාතන්ත්ර විරෝධී පාලනයක් ගෙන යන බවට ජනාධිපති ප්රමුඛ වර්තමාන ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා ජාත්‍යන්තර සංවිධානන හා රාජ්‍ය නායකයින් වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.
සුජීව සේනසිංහ මහතාගේ අත්සනින් යුතු එම ලිපිය රාජ්‍ය නායකයින්ට, ජාත්‍යන්තර සංවිධාන වලට, සියලු තානාපතිවරුන්ට සහ මහා කොමසාරිස්වරුන්ට ඊයේ (23) යොමු කර තිබේ.
නීතියේ ආධිපත්‍ය යටපත් කරමින් ශ්‍රී ලංකා රජය ගෙන යන ප්රජාතන්ත්ර විරෝධී පාලන ක්රමයේ සැබෑ තත්වයවය ගැන පුළුල් ලෙස කරුණු දක්වමින් සකස් කළ ලිපිය ඇමරිකානු ජනාධිපති ප්රමුඛ ලෝකයේ සියළුම රටවල රාජ්‍ය නායකයින් වෙත යැවූ බව
සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා පැවසීය.
මීට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට, ආසියානු සංවර්ධන බැංකුවට, ලෝක බැංකුවට, පොදු රාජ්‍ය මණ්ඩලයට, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ඇතුළු ජාත්‍යයන්තර සංවිධාන රැසකට ලිඛිතව මෙම දැනුම් දීම සිදුකළ බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙනයන ප්රජාතන්ත්ර විරෝධී පාලනය කෙරෙහි කඩිනමින් අවධානය යොමු කර අදාළ පියවර ගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටි බව ඒ මහතා සඳහන් කරයි.
