Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka cricket

පුහුණුවීම් සඳහා ආ ක්‍රීඩකයින්ව හරහා යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය

10 months ago

එංගලන්තය සමඟ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේදී, තේරීම් කමිටුව අනුගමනය කළ අවිධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් ක්‍රීඩකයින් පිරිසක් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් පෙරේදා (28) මෙම 16 දෙනෙකුගෙන් යුත් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ලෝක කුසලාන තරගාවලිය අභියස පවතින මොහොතක, කණ්ඩායමේ සංයුතිය ස්ථාවර කර ගැනීමට අපොහොසත් වී ඇති තේරීම් කමිටුව, අවසන් මොහොතේදී සංචිතයට කඩිමුඩියේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ. ඒ අනුව, මීට පෙර සංචිතයට ඇතුළත් කර සිටි කමිඳු මෙන්ඩිස්, දුෂාන් හේමන්ත සහ ට්‍රැවින් මැතිව් යන ක්‍රීඩකයින් හදිසියේම ඉවත් කර ඇති බව සඳහන් වේ.

වඩාත් කණගාටුදායක කරුණ නම්, සංචිතයට නම් කර සිටි ක්‍රීඩකයින් පල්ලේකැලේ තරගාවලිය සඳහා මහනුවර සිය හෝටල් වෙත ළඟා වී සිටියදී, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඔවුන්ව සංචිතයෙන් ඉවත් කර ඇති බව දැනුම් දීමයි.

තමන් සංචිතයේ නොමැති බව දැනගත් ක්‍රීඩකයින්ට යළි නිවෙස් බලා යන ලෙසට බලධාරීන් දැනුම් දී ඇති අතර, එක් ක්‍රීඩකයෙකුට මෙම ඉවත් කිරීම දැනුම් දී ඇත්තේ ඔහු මහනුවර බලා පිටත්ව යාමට සූදානම්ව සිටි මොහොතේදීය.

හදිසියේ ඉවත් කළ ක්‍රීඩකයින් වෙනුවට කුසල් ජනිත් පෙරේරා, පවන් රත්නායක සහ ප්‍රමෝද් මධුෂාන් අවසන් මොහොතේදී සංචිතයට කැඳවා ඇත.