Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විගණකාධිපති ධුරයට තවත් නමක් ජනපති යෝජනා කරයි

10 months ago

පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අනාවරණය කළේය. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විගණකාධිපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රමාදය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මීට පෙර අවස්ථා හතරකදී ජනාධිපතිවරයා විසින් නම් හතරක් යෝජනා කර තිබූ බවයි. එහෙත් ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි සිය විධායක බලය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මේ දක්වාත් එම ධුරය හිස්ව පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

නව ව්‍යවස්ථාදායක සභාවේ දෙවන රැස්වීම හෙට දිනයේදී පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී විගණකාධිපතිවරයා පත් කිරීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව ඇත.