Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලැබුණු ඉලක්කය

10 months ago

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ආරම්භයේ සිටම ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූහ. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 190ක ඉලක්කයක් හිමිව තිබේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පවන් රත්නායක පන්දු 22කදී ලකුණු 40ක් ලබා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් කමිල් මිශාර ලකුණු 36ක් රැස් කළේය. මීට අමතරව පැතුම් නිස්සංක ලකුණු 34ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් බැගින් ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා වෙනස්කම් දෙකක් සහිතව අවතීර්ණ වී ඇති අතර, ධනංජය ද සිල්වා සහ මහීෂ් තීක්ෂණ වෙනුවට පවන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය එංගලන්තය ජයගෙන ඇති බැවින්, තරගාවලියේ සම තත්ත්වයට පත්වීමට නම් ශ්‍රී ලංකාවට අද තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වී ඇත.