Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 වසරේදී වාහන ආනයනයට වියදම් වූ මුදල ගැන අනාවරණයක්

10 months ago

2025 වසර තුළ රථ වාහන ආනයන සඳහා වූ මුළු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 2,047 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2025 වසරේ දෙසැම්බර් මාසය තුළ පමණක් පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළු වාහන ආනයනය සඳහා වූ වියදම ඩොලර් මිලියන 301 ක් ලෙස සටහන්ව ඇති බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම 2025 වසරේ දී පෞද්ගලික රථ වාහන ආනයනය සඳහා පමණක් දරා ඇති මුළු වියදම ඩොලර් බිලියන 1.6 ක් වන බවයි මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේ.