අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව අද (02) අලුයම 3.30ට පමණ රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම භූ චලනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇත.
මීට අමතරව ඉන්දියාවේ කාෂ්මීර ප්‍රදේශයේ ද අද අලුයම 5.35ට පමණ රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් වාර්තා විය.
මෙම කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
