Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා රුපියලට අත් වූ ඉරණම

10 months ago

2025 වසරේ දී අවප්‍රමාණයකට ලක් වූ ශ්‍රී ලංකා රුපියල, 2026 වසරේ ජනවාරි මාසය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.2%ක අතිප්‍රමාණය වීමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය. කෙසේවෙතත් ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ දී 12.1%කින් සහ 2024 වසරේ දී 10.7%කින් අතිප්‍රමාණය වී තිබුණි.

2026 ජනවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරය හා ඉන්දියානු රුපියල හැරෙන්නට සෙසු ප්‍රධාන විදේශ විනිමය හමුවේ ශ්‍රී ලංකා රුපියලේ පසුබෑමක් වාර්තා වේ.