ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පත් කර තිබෙනවා.
මෙතෙක් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරන ලද එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉවත් කර ඒ වෙනුවටයි රාසමාණික්කම් මන්ත්‍රීවරයා කණ්ඩායම් නායකයා ලෙස පත්කර තිබෙන්නේ.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥානම් සහ එම පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් විසින් මෙම පත්කිරීම පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී කටයුතු කිරීම මෙම වෙනස් කිරීමට හේතුව බව එම පක්‍ෂයේ ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තාවනවා.
