Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රෝහණ බණ්ඩාරගේ ආරක්ෂක ගැටළුවෙන් මැතිසබය උණුසුම්

10 months ago

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කරගනිමින් අද (05) පෙරවරුවේ සභාව තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.

විපක්ෂයේ චෝදනාව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරයාට පවතින තර්ජන පිළිබඳව පොලිසිය මගින් ආරක්ෂාව සැපයිය යුතු බව නිර්දේශ කර තිබියදීත්, රජය එය මඟහැරීමට කටයුතු කරන බවයි. “දැන් මෙය වෙනත් පැත්තකට හැරවීමට රජය උත්සාහ කරනවා, මෙය අසාධාරණයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේගයේ එස්. එම්. මරික්කාර් මහතා පෙන්වා දුන්නේ, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවට පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති බවත්, ඒ පිළිබඳව කතානායකවරයා වහාම මැදිහත් විය යුතු බවත්ය.

ආණ්ඩුවේ පිළිතුර

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, අදාළ තර්ජනය මන්ත්‍රීවරයාගේ පක්ෂය අභ්‍යන්තරයෙන්ම එල්ල වූවක් බව පොලිස් වාර්තාවල සඳහන් වන බවයි. ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා අවධානය යොමු කරනු ඇති බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයාගේ විමසීම සහ කතානායකවරයාගේ ප්‍රතිචාරය

රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සෘජුවම කතානායකවරයාගෙන් විමසා සිටියේ තමාට ආරක්ෂාව සලසන්නේද නැද්ද යන්නයි. තමාට තර්ජනයක් ඇති බව මුලින් පිළිගත් පොලිසිය, දැන් විවිධ කතා පවසමින් එය මඟහරින බවට ඔහු චෝදනා කළේය.

මෙහිදී කතානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ පොලිසියෙන් ලැබී ඇති අවසන් වාර්තාව පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඉන්පසුව මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයින් කිහිපදෙනෙකුම අදහස් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ නිසා මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.