හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන නිසා හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවද රජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් විමසා සිටියා.
දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති නිසාදැයි හදිසි නීතිය ගෙන එන්නේද කියා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.
විරුද්ධ පක්ෂයේ පිරිස්, ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන නිසා තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට අපි තීරණය කළේ යනුවෙන්ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
