Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්‍රිකට් ලොව ඉන්දීය ආධිපත්‍යය තහවුරු වෙයි! යොවුන් එක්දින ලෝක කුසලානය ඉන්දියාවට!

10 months ago

2026 වසරේ 19න් පහළ යොවුන් එක්දින ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව අද (06) සමත් විය.

ඒ දකුණු අප්‍රිකාවේ බෙනෝනිහිදී පැවැති අවසන් මහා තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 100ක දැවැන්ත පරාජයකට පත් කරමිනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 411ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

එහිදී වෛභව් සූර්යවංශි පන්දු 80කදී ලකුණු 175ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, නායක ආයුෂ් මත්රේ ලකුණු 53ක් ද, අභිග්‍යාන් කුන්ඩු ලකුණු 40ක් ද රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ජේම්ස් මින්ටෝ කඩුලු 3ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත යොවුන් කණ්ඩායමට පන්දුවාර 40.2ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 311ක් පමණි.

කාලෙබ් ෆැල්කනර් ලකුණු 115ක සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් ආර්.එස්. අම්බ්‍රිෂ් කඩුලු 3ක් ද, කනිෂ්ක් චෞහාන් සහ දීපේෂ් දේවේන්ද්‍රන් කඩුලු 2 බැගින් ද දවා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට සමත් විය.