අද (07) එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 3ක තියුණු ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 147ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ලකුණු 148ක ඉලක්කය පසුකර ගියේ තරගය නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී තිබියදීය.
අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම අසීරු ජයග්‍රහණයේ නියමුවා වූයේ අංක 8 පිතිකරු ෆහීම් අෂ්රෆ්ය. ඔහු පන්දු 11ක් තුළ හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 29ක් රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා මෙහෙයවීය.
මෙහිදී ඔහු ෂහීන් අෆ්රිඩි සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20කදී ලකුණු 34ක තීරණාත්මක සබඳතාවක් ගොඩනැගීමටද සමත් විය.
