2026 T-20 ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් අද (07) පැවැත්වුණු ඉන්දීය – අමෙරිකා තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 161ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී යාමෙන්.
අමෙරිකා ක්‍රීඩකයින්ගේ ප්‍රබල පන්දුරැකීම හමුවේ තරමක් අසීරු තත්ත්වය පසුවූ ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් ඉහළම ලකුණු අතරට පැමිණීමට සමත් වුණේ, නායක සූර්‍යකුමාර් යාදෙව් වන අතර, ඔහු පන්දු 49කදී නොදැවී ලකුණු 84*ක් රැස් කළා.
තිලක් වර්මා ලකුණු 25ක්ද, ඉෂාන් කිෂාන් ලකුණු 20ක්ද, අක්සාර් පටෙල් ලකුණු 14ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී අමෙරිකාව වෙනුවෙන් ෂැඩ්ලි වැන් ෂෝල්ක්වික් කඩුළු 04ක්ද, හර්මීත් සිං කඩුළු 02ක්ද, අලි ඛාන්, මොහොමඩ් මොහ්සින් කඩුළු එක බැගින් ද දවා ගත්තා.
