ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය විසින් ගනු ලැබූ විනය ක්රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ එම පක්ෂ සාමාජිකාවක වන සොහාරා බුහාරි මහත්මියට ඇය දැරූ මන්ත්රී ධුරය අහිමි වී තිබේ.
පක්ෂයේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ඇයට එරෙහිව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පසුගියදා පැවැති කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී, පක්ෂය විසින් ලබාදී තිබූ උපදෙස් නොතකා ජාතික ජන බලවේගයේ පුරපති අපේක්ෂකයාට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම ඇයට එරෙහිව එල්ල වූ ප්රධාන චෝදනාවයි.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ලේකම්, ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්රී නිසාම් කාරියප්පර් මහතා විසින් විධිමත් විනය පරීක්ෂණයක් පවත්වනු ලැබීය.
අදාළ විනය පරීක්ෂණයේ ප්රතිඵලයක් ලෙස ඇය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව ඇයගේ මන්ත්රී ධුරයද අහෝසි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් දැනුම් දී තිබේ.
මන්ත්රී ධුරය අහිමි වීමේ මෙම තීරණය රජයේ ගැසට් පත්රය මගින්ද මේ වන විට ප්රකාශයට පත් කර ඇත
