Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතාලිය T-20 ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි! ශ්‍රී ලාංකික ක්‍රිෂාන් කළුගමගේ තරගයේ වීරයා වෙයි!

9 months ago

2026 T-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නේපාලය සහ ඉතාලිය අතර අද පැවැති තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉතාලි කණ්ඩායම සමත් විය.

මෙය ඉතාලිය ලෝක කුසලාන තරගාවලියකදී ලැබූ ප්‍රථම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වන අතර, එම ජයග්‍රහණය සඳහා ප්‍රබල දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රිෂාන් කළුගමගේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

පන්දු යැවීමේදී දස්කම් දැක්වූ ඔහු ලකුණු 18ක් පමණක් ලබා දෙමින් නේපාල කඩුලු 3ක් බිඳ දැමීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් නේපාල කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ලකුණු 123කට සීමා කිරීමට ඉතාලි පන්දු යවන්නන්ට හැකි විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලි කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 124ක් ලබා ගනිමින් ඉතා පහසුවෙන් තරගය ජයග්‍රහණය කළේය.

මෙහිදී විශේෂ අවධානයට ලක්වූ ක්‍රිෂාන් කළුගමගේ 1991 ජූනි 16 වන දා ශ්‍රී ලංකාවේදී උපත ලබා ඇති අතර, ඔහු 2007 වසරේදී සිය දෙමාපියන් සමඟ ඉතාලියේ පදිංචියට ගොස් තිබේ.