මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති අවස්ථාවක හැර මෙරට නේවාසිකයන් අතර සිදුවන ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදුකළ යුතු බව මහ බැංකුව අවධාරණය කරනවා.
ශ්‍රී ලාංකිකයින් මෙරටදී සිදුකරනු ලබන ගනුදෙනුවලදී රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරන බවට ලැබුණු තොරතුරු මත මේ පිළිබඳ අවධානය යොමුකර ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.
එමෙන්ම, ශ්‍රී ලංකා මුදල් විදේශ මුදල් බවට පරිවර්තනය කරමින් විද්‍යූත් කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් ද ඇතුළුව දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම් විදේශ ගිණුමකට බැරකරවා ගැනීම හරහා කිසිදු අවසරයක් ලබාදී නොමැති බවට ද මහ බැංකුව මෙහිදී පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙවැනි ආකාරයේ වරදක් සිදුකරනු ලබන ඕනෑම තැනැත්තෙකුට මිලියන 25 කට නොවැඩි දඩයක් වසර තුනකට නොවැඩි බරපතල හෝ ලිහිල් සිර දඬුවමක් හෝ ඉහත කී දඬුවම් දෙකම නීතිමය කටයුතුවලින් අනතුරුව ලබාදිය හැකි බව ද මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කළා.
