2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ 19වැනි තරගය ලෙසින් අද (13) පැවැත්වුණු සිම්බාබ්වේ – ඔස්ට්‍රේලියා තරගය ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඔස්ට්‍රේලියාව ලකුණු 23කින් පරාජය කරමින්.
අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර, එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
ඒ අනුව, බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 64ක්ද, තඩිවනාෂේ මරුමනී සහ රයන් බර්ල් ලකුණු 35 බැගින්ද රැස් කළා.
පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කැමරන් ග්‍රීන් සහ මාකස් ස්ටොයිනිස් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
අනතුරුව ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3ක් අවසානයේ කඩුළු සියල්ල දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 146ක් පමණයි.
එහිදී, මැට් රෙන්ෂෝ ලකුණු 65ක්ද, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 33ක්ද, නායක ට්‍රැවිස් හෙඩ් ලකුණු 17ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී බ්ලෙසින් මුසරබානි කඩුළු 04ක්ද, බ්‍රැඩ් එවන්ස් කඩුළු 03ක්ද, වෙලින්ටන් මසකඩ්සා, රයන් බර්ල් එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.
