Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තිසකුට්ටිගේ ක්‍රියාකලාපය ගැන කලකිරී පොහොට්ටුවේ බලකණුවක් ගැලවෙයි

9 months ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක තිසකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය සහ ප්‍රකාශයන් පිළිබඳව දැඩි කලකිරීමට පත් වූ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ එම පක්ෂයේ හිටපු මන්ත්‍රී පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන් පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ. උන් වහන්සේ මේ වන විට ‘සර්වජන බලය’ පක්ෂය සමඟ එක්වී ඇති අතර, එහි මිහින්තලය ආසන සංවිධායක ධුරය ද භාරගෙන ඇත.

තිසකුට්ටි ආරච්චි මහතා දිස්ත්‍රික් ජනතාව සම්බන්ධයෙන් දක්වන අදහස් සහ පක්ෂය මෙහෙයවන ආකාරය හේතුවෙන් පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හුදෙකලා වීමේ අවදානමක් පවතින බව සෝමරතන හිමියෝ පෙන්වා දෙති. තිසකුට්ටි ආරච්චි මහතා දුරකථනයෙන් දේශපාලනය කරන බවත්, තමන් බිම් මට්ටමෙන් දේශපාලන කටයුතු සිදුකරන බවත් උන් වහන්සේ අවධාරණය කර සිටියහ.

සිය නව දේශපාලන ගමන පිළිබඳව අදහස් දැක්වූ උන් වහන්සේ

“අපි ආයේ අඩියක්වත් පස්සට ගන්නේ නෑ. මිහින්තලය ආසනයේ ඡන්දය ඉල්ලූ මන්ත්‍රීවරු, කොට්ඨාස නියෝජිතයෝ එකතු වුණා. අපි හොඳ සංවිධානයක් හදලා මිහින්තලය ආසනයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න කටයුතු කරනවා.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන්නම් පළාත් සභා මැතිවරණය තියන්න. තියෙන ඕනෑම මැතිවරණයකට අපි සර්වජන බලය පක්ෂය ලෙස ඉදිරිපත් වෙන්න සියලු කටයුතු සංවිධානය කරගෙන යනවා.

ඔය විදයට ගියොත් පොදුජන පෙරමුණේ අයට හුදෙකලා වෙන්න සිදුවෙනවා. තිසකුට්ටි ආරච්චි මහතා ෆෝන් එකෙන් එහේ දේශපාලනය කරයි. අපි මෙහෙ බිමේ දේශපාලන කරන්නේ” යනුවෙන් පැවසීය.