Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු අයර්ලන්තයෙන්

9 months ago

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සහ ඕමානය අතර අද (14) කොළඹ SSC පිටියේ පැවැති තරගයෙන් ලකුණු 96ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ මෙතෙක් මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට අයර්ලන්තය සමත් වීමයි.

කාසියේ වාසිය දිනූ ඕමාන නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත පිතිකරුවන් ඕමාන පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 235ක් රැස්කර ගත්තේය.

ප්‍රබල පිතිහරඹයක නිරත වූ අයර්ලන්ත කණ්ඩායම ඕමාන පන්දු යවන්නන් සම්පූර්ණයෙන්ම අසරණ කරමින් SSC පිටිය පුරා ලකුණු වර්ෂාවක් වැස්සවීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 236ක අතිවිශාල ඉලක්කයක් හඹාගිය ඕමාන කණ්ඩායමට අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි විය.