Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුෂි කරුණාරත්නගෙන් වාර්තාවක්

9 months ago

තරුෂි කරුණාරත්න ගෘහස්ථ කාන්තා මීටර් 600 ඉසව්වෙන් විනාඩි 01:28.92 ක කාලයක් වාර්තා කරමින්, එම ඉසව්ව සඳහා මෙතෙක් පැවති හොඳම ආසියානු දස්කම් වාර්තා කර තිබෙනවා.

පෙර පැවති හොඳම ආසියානු දස්කම වූයේ පිලිපීනයේ ලෝරා හොෆ්මන් විසින් පිහිටුවන ලද විනාඩි 01:30.33 යි.

වර්තමානයේ, ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ මීටර් 600 සඳහා නිල වාර්තා පවත්වා ගෙන නොයන අතර, තරුෂිගේ කාලය දැනට ආසියානු ක්‍රීඩිකාවක විසින් වාර්තා කළ වේගවත්ම කාලය ලෙසයි සැලකෙන්නේ.