Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවෙන් පාකිස්තානයට ලැබුණු ඉලක්කය

9 months ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට හැකිවුවහොත් ඔවුන්ට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.

ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ඉෂාන් කිෂාන් ලකුණු 77ක්ද, තිලක් වර්මා ලකුණු 25ක්ද, නායක සූර්යකුමාර් යාදව් ලකුණු 32ක්ද, ශිවම් ඩුබේ ලකුණු 27ක්ද, රැස් කළා.

පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන්, සයිම් අයුබ් කඩුළු 03ක්ද, සල්මන් ආගා, උස්මාන් තාරික්, ෂහීන් ෂා අෆ්රිඩි එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.