Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඕස්ට්‍රේලියාවට එරෙහි තීරණාත්මක තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්

9 months ago

2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාව සමග අද (16) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, පසුගිය තරගවලදී පිතිකරණයෙන් දස්කම් දැක්වීමට අපොහොසත් වූ කමිල් මිෂාර වෙනුවට අත්දැකීම් බහුල පිතිකරු කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබේ. කමිල් මිෂාරගේ මෑතකාලීන දුර්වල දක්ෂතා සැලකිල්ලට ගනිමින් තේරීම් කමිටුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සුවිශේෂී තරගය අද රාත්‍රී 7:00 ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව වසර හතරකට පසු විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුවහොත්, තරගාවලියේ ‘සුපිරි 8’ දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඉතා පහසුවෙන් සපුරා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත.