Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දකුණු අප්‍රිකාවට පහසු ජයක්

9 months ago

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 06කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ආරාධනා කළා.

පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් අවසානයේ ලකුණු 122ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 13යි පන්දු 02කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.