Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරත් ෆොන්සේකා රජයෙන් කළ ඉල්ලීම

9 months ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කරයි. ඊයේ (18) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයාට තම බලතල ප්‍රකාරව “එක් පෑන් පහරකින්” මෙම පිරිස මරණීය දණ්ඩනයෙන් නිදහස් කළ හැකි බව මෙහිදී ෆොන්සේකා මහතා අවධාරණය කළේය. අදාළ ඝාතන සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයන් 12 දෙනෙකුට ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් පසුගිය 11 වනදා මරණ දඬුවම නියම කර තිබිණි.

2022 මැයි මස ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක් විය. එම සිද්ධියට අදාළව වරදකරුවන් වූ තරුණයන් පිරිසකට මෙලෙස සමාව දෙන ලෙස හිටපු යුද හමුදාපතිවරයා රජයෙන් ඉල්ලා සිටී.