පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය පරාජයට පත් කරමින් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 165ක් රැස්කර ගත්තේය.
අනතුරුව පිටියට පැමිණි ඉතාලි කණ්ඩායමට පන්දුවාර 18කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 123ක් පමණී.
ඒ අනුව කොදෙව් පිල සී කාණ්ඩයේ අපරාජිත එකම කණ්ඩායම ලෙස සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයට පිවිසෙනු ඇත.
