වෙළෙඳපොළේ ලාෆ්ස් (Laugfs) සන්නාමය සහිත එල්.පී. ගෑස් සිලින්ඩරවල පවතින තාවකාලික හිඟය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම කරුණු පැහැදිලි කර තිබේ.
සමාගම පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින මෙම හිඟයට ප්‍රධානතම හේතුව හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි මෙට්‍රික් ටොන් 30,000ක ධාරිතාවයෙන් යුත් ගෑස් ගබඩා පර්යන්තය දේශීය සැපයුම් සඳහා භාවිත කිරීමට පවතින රෙගුලාසිමය සීමාවන් බවයි. අදාළ පර්යන්තය දේශීය මෙහෙයුම් සඳහා කඩිනමින් නිදහස් කරගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බව සමාගම සඳහන් කරයි.
පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ඍජුවම ගෑස් තොග කොළඹ වරාය හරහා මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව ලාෆ්ස් සමාගම පවසයි.
එම ගෑස් තොග කොළඹ වරායට ළඟා වූ වහාම සමාගමට අයත් පිරවුම් පර්යන්ත හරහා සිලින්ඩරගත කර, දිවයින පුරා අඛණ්ඩව බෙදාහැරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
