Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිම්බාබ්වේ ජයග්‍රාහී ගමනක! ශ්‍රී ලංකාවේ අපරාජිත වාර්තාව බිඳ වැටෙයි!

9 months ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (19) සිදුවිය.

මෙම පරාජයත් සමග තරගාවලිය පුරා මෙතෙක් අපරාජිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම ගෞරවය බිඳ වැටුණු අතර, සිම්බාබ්වේ කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායම ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 179ක ඉලක්කය හඹාගිය සිම්බාබ්වේ ක්‍රීඩකයෝ, පන්දුවාර 19.3කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. සිම්බාබ්වේ ඉනිමේ ජයග්‍රහණයේ නියමුවා වූ බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු 63ක් රැස්කළ අතර, නායක සිකන්දර් රාසා පන්දු 26කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 45ක් ලබාගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.

කෙසේ වෙතත්, මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත්, තරගය ආරම්භ වීමට පෙර සිටම කණ්ඩායම් දෙකම සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.