Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නම සහ නිලතල අහිමි වූ ඇන්ඩෲ මවුන්ට්බැටන් අවසානයේ නීතියේ රැහැනට

9 months ago

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ බාල සොහොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු රාජ්‍ය නිලයක් හොබවමින් සිටියදී සිදුකළ බව කියන විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් වූ සැකය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර “ඇන්ඩෲ කුමරු” ලෙස හැඳින්වූ ඔහුට හිමිව තිබූ එම ගෞරව නාමය සහ අනෙකුත් රාජකීය නිලතල පසුගිය වසරේදී ඉවත් කිරීමට කටයුතු කෙරිණි. එතැන් පටන් ඔහු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් ලෙස සාමාන්‍ය වැසියෙකු ලෙස හඳුන්වනු ලබයි.

මෙම අත්අඩංගුවට ගැනීම බ්‍රිතාන්‍ය රාජකීය පවුල ආශ්‍රිතව මෑත කාලයේ සිදුවූ විශේෂිත සිදුවීමක් ලෙස සැලකෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.