අයි.සී.සී (ICC) තරග ඉතිහාසයේ ඩිජිටල් අවකාශය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹූ විස්සයි20 තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය 15 වනදා පැවති තරගය වාර්තා අතරට එක්ව තිබේ
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මිලියන 163ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බව නිල විකාශන හවුල්කරු වන JioStar ආයතනය තහවුරු කරයි.
මෙම අගය 2024 විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹූ පිරිස පවා අබිබවා යාමක් වන අතර, ඉකුත් ලෝක කුසලානයේ ඉන්දු-පාකිස්තාන තරගයට වඩා 56%ක කැපී පෙනෙන වර්ධනයකි.
දෙරට අතර පවතින දේශපාලන අර්බුදය මෙන්ම, මෙවර තරගය ක්‍රීඩා කිරීම පාකිස්තානය මුලින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇති වූ දැඩි කතාබහ මෙම ඉහළ ප්‍රේක්ෂක අවධානයට ප්‍රධාන හේතුව වී තිබේ.
