Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා – එංගල්න්ත තරගයට වර්ෂාවෙන් බාධා? නවතම කාලගුණ වාර්තාව මෙන්න

9 months ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගය පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි. පවතින නවතම දත්තවලට අනුව මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බැවින් තරගයට වර්ෂාව බලපෑම් කළ හැකි බව ඔහු සඳහන් කළේය.

හෙට (23) දිනෙන් පසුව පවතින වර්ෂාපතනයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.