මෙක්සිකෝවේ ප්රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන ‘එල් මෙන්චෝ’ (El Mencho) ගේ මරණයත් සමඟ එරට තුළ දැඩි නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් හටගෙන තිබේ. මෙක්සිකෝවට සහ අමෙරිකාවට විශාල තර්ජනයක් වූ ‘ජාලිස්කෝ’ (Jalisco New Generation Cartel) නමැති මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වූයේ මොහුය.
එල් මෙන්චෝගේ මරණයෙන් කෝපයට පත් ඔහුගේ ආධාරකරුවන් නගර රැසක මාර්ග අවහිර කරමින් රථවාහන ගිනි තබා ඇති අතර, දේපළවලට දැඩි හානි සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොයිටර් පුවත් සේවයට අනුව ඇතැම් ප්‍රදේශ යුද කලාපවල ස්වරූපයක් ගෙන තිබේ.වෙළෙඳසැල් රැසකට ගිනි තබා ඇති අතර බැංකු ශාඛා 20කට පමණ ප්‍රහාර එල්ල වී ඇත.කලහකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් 25 දෙනෙකු මේ වන විට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පවතින අනතුරුදායක තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ ඇතැම් ප්‍රදේශවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් පියවර ගෙන ඇත. එසේම, මෙක්සිකෝවේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයින්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස අමෙරිකානු රජය විසින් විශේෂ දැනුම්දීමක් ද සිදු කර තිබේ.
