සමගි ජන බලවේගය සඳහා නව ප්‍රධාන ආසන සංවිධායකවරුන් තිස් දෙනකු ළඟදීම පත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් අදාල සම්මුඛ පරීක්ෂණ පසුගිය දිනවල සිදුකළ බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකය, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක ප්‍රකාශ කරනවා.
විශාල පිරිසක් අයදුම් පත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් හොඳම තිස්දෙනකු තෝරාගෙන මෙම පත්කිරීම් ඉදිරියේදී සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා.
රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන ජනතා සේවය සිදුකිරීමට උපරිම හැකියාව සහ සුදුසුකම් තිබෙන ආසන සංවිධායකවරුන් පත් කරන ලෙසට විපක්ෂ නායක , සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා දී ඇති උපදෙස් අනුව මෙම පත්කිරීම් ඉදිරියේදී සිදුකරන බවයි තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.
