Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

T20 කාන්තා ලෝක කුසලාන කාලසටහන එළිදක්වයි

9 months ago

එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ නිල තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (24) ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 12ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය මූලික වටයේදී ‘A’ සහ ‘B’ වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

මෙහි ‘A’ කාණ්ඩය යටතේ වත්මන් ශූර ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ‘B’ කාණ්ඩය යටතේ තරග වදින අතර, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

තරගාවලිය එළඹෙන ජුනි මස 12 වැනිදා ආරම්භ වන අතර, එහි සමාරම්භක තරගය ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සටන පැවැත්වීමට නියමිතව ඇත. දින 20කට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම උණුසුම් තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 5 වන දින ලන්ඩනයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.