පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උපන්දින සාදයක් පවත්වා තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් මෙම සාදය සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාට අමතරව, සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට අධික පිරිසක් රවී කරුණානායක මහතාට සුබ පැතීම සඳහා එක්ව සිටියහ.
කේක් කපා සුබ පැතීමෙන් අනතුරුව, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවත එක්වීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, පක්ෂ දෙකේ එකමුතුව පිළිබඳව සමාජය තුළ විශාල උනන්දුවක් පවතින බවත් ඒ වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවත්ය.
ඊට ප්‍රතිචාර දක්වමින් රවී කරුණානායක මහතා සඳහන් කළේ පක්ෂ දෙක එක්වීම හරහා රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ හැකි බවත්, ජනතාව එම එකමුතුව බලාපොරොත්තුවෙන් සිටින බවත්ය. මේ වන විටත් දෙපාර්ශවයේ සාමාජිකයින් අතර ඒකරාශී වීමේ ප්‍රවණතාවක් පවතින බව ද එහිදී සාකච්ඡා වී ඇත.
